අධිවේගය 2 කට මරු කැඳවයි. 3 කට බරපතලයි.

Thursday, 08 August 2013 - 19:04

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ අද දහවල් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අනතුරින් මියගිය කාන්තාව වයස අවුරුදු 24 ක් වන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 36 ක්. ඔවුන්  මාතර - අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්. පින්න¥ව සිට කොට්ටාව දෙසට ධාවනය කරමින් තිබූ මෙම මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ. මෙම වසර තුළ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරු 7 ක් වාර්තාවී ඇති අතර ඉන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 9 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories