ඉන්දු - ශ්‍රී ලංකා ආදර අන්දරයක් කේරල පොලිසියේ.

Friday, 09 August 2013 - 7:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

දකුණු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගත පවුලක තරුණයෙකු කේරළයේ ඉන්දීය හමුදා නිලධාරියෙකුගේ දියණියක සමඟ ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් දැනට කේරළ පොලිසියෙන් නතර වී තිබෙනවා. දෙදෙනාම දන්ත වෛද්‍ය ශිෂ්‍යයන් වන අතර, තමිල්නාඩුවේ එම්.ජී.ආර්. දන්ත වෛද්‍ය විද්‍යාලයේ බී.ඞී.එස්. දන්ත වෛද්‍ය උපාධිය හදාරමින් සිටින විටයි මෙම ප්‍රේම සම්බන්ධය ඇරඹී ඇත්තේ. පසුගියදා පලානි ප්‍රදේශයේ පිහිටි කෝවිලකට ගිය ඔවුන් විවාහ වී තිබෙනවා. එහෙත්, තමන් මුහුණදී සිටින අවදානම ඔවුන්ට වැටහී ඇත්තේ ඉන් අනතුරුවයි. සිය දියණිය අතුරුදන්වී ඇති බව හමුදා නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මේ නිසා, යුවල තීරණය කර ඇත්තේ පොලිසිය වෙත භාරදීමටයි. මුළුමනින්ම කාන්තාවන්ගේ පාලනය යටතේ පවතින කේරළ පොලිසියට ඊයේ භාර වූ ඔවුන් ඉල්ලා ඇත්තේ තමන්ට සාමකාමී විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබාදෙන ලෙසයි. එමෙන්ම, තමා ශ්‍රී ලාංකික සැමියා සමඟ මිස නැවතත් පවුලේ සාමාජිකයන් වෙත සම්බන්ධවීමට අපේක්ෂා නොකරන බව හමුදා නිලධාරියාගේ දියණිය මෙහිදී පොලිසියට පවසා තිබෙනවා.

 
මීට පෙර ද, ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීමට ගිය ශ්‍රී ලාංකික තරුණියක හා ඉන්දීය හමුදා නිලධාරියෙකු අතර විවාහයට ද බාධා එල්ල වුණා. එහෙත්, අවසානයේ ශ්‍රී ලාංකික තරුණිය විවාහ කර ගැනීමට ඉන්දීය හමුදා නිලධාරියට අවසර ලැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories