ඡන්ද පත්‍රිකාවලට සී.සී. ටීවී. කැමරා.

Friday, 09 August 2013 - 18:58

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%93.+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F.

මෙවර පළාත් සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බව වැඩබලන රජයේ මුද්‍රණාලාධිපති ලලිත් ද සිල්වා පවසනවා. ඒ අනුව එම කටයුතු සඳහා පොලිස් ආරක්ෂාවට අමතරව සී.සී. ටී.වී නිරීක්ෂණ කැමරා පද්ධතියක් ද සවි කිරීමට පියවර ගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සඳහන් කළේ මෙවර ඡුන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව මුද්‍රණ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව යෙදීමට පියවර ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ. මේ සම්බන්ධයෙන් වැඩබලන මුද්‍රණාලාධිපති ලලිත් ද සිල්වාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවා. එහිදී ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයා සම්බන්ධ කර දෙන්නේ නම් නිවැරදි කරුණු පැහැදිලි කිරීමක් තමන්ට සිදුකළ හැකි බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී ජයවික්‍රම මන්ත්‍රීවරයාට සහ වැඩබලන මුද්‍රණාලාධිපති ලලිත් ද සිල්වාට දුරකථනය ඔස්සේ සංවාදයේ නිරතවීමට අප මෙලෙස අවස්ථාව සලසා දුන්නා.

 [MP3]s64759[/MP3]
 
මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා පන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිතයි. එම කටයුතු අද (09) ආරම්භ කළ අතර, ලබන 24 වන දා වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කෙරෙනු ඇති. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories