අලි සටහන් පොතක් අතුරුදන්.

Friday, 09 August 2013 - 19:04

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබූ හිලෑ අලි ඇතුන්ගේ ලියාපදිංචි ලේඛනයක් අස්ථානගතවී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් භාරයේ පවතින නීති ක්‍රියාත්මක කිරීමේ අංශය යටතේයි හිලෑ අලි ඇතුන්ගේ ලියාපදිංචි ලේඛන පවත්වාගෙන යනු ලබන්නේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ පසුගිය වසරේ මෙම ලියාපදිංචි ලේඛනය අස්ථානගත වී ඇති බවයි. එහෙත් සෑම හිලෑ අලි ඇතෙකුටම වෙන වෙනම ලිපිගොනුවක් පවත්වාගෙන යන නිසා මෙම ලේඛනය අස්ථානගතවීමෙන් ගැටළුවක් මතු නොවන බව වනජීවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් කියා සිටියා.

[MP3]s64761_1[/MP3]

කෙසේ වෙතත්, අප මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙය සොරකමක් බවට තමන් සැක කරන බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (09) දිනයේ ජනාධිපතිවරයා ද දැනුවත් කළ බවයි වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා කියා සිටියේ.

[MP3]s64761_2[/MP3]

කෙසේ වෙතත්, ලියාපදිංචි නොවූ හිලෑ අලි ඇතුන් ඇතැම් විහාරස්ථාවලට සහ ප්‍රභූ පුද්ගලයන් සතු බවට පසුගිය කාලයේ දී පරිසරවේදීන් කරුණු අනාවරණ කළා. හිලෑ අලි ඇතුන්ගේ ලියාපදිංචි ලේඛනයක් අස්ථානගතවීම සහ මෙම සිදුවීම් අතර සම්බන්ධයක් පවතින බවට සොබා ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය ද සැක පළ කරනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ  එහි සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න.

 [MP3]s64761_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories