උතුරේ ධීවරයන්ගේ මානව හිමිකම් ගැන TNA ට චෝදනාවක්.

Saturday, 10 August 2013 - 7:18

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+TNA+%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය ධීවරයින් 100 දෙනෙකු ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් එරට පාර්ලිමේන්තුව හමුවේ සදහන් කර ඇත්තේ අත්අඩංගුවේ පසුවන ධීවරයින් පිළිබදව ඉන්දීය රජය දැඩි අවදානයකින් පසුවන බවයි. මීට අමතරව ධීවර බෝට්ටු 21ක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත්තේ. විවිධ නීතිවිරෝධී ජාවාරම් සිදුකිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු සහ බෝට්ටු 4ක් ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටිනවා. කෙසේ වෙතත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ හැකි සෑම අවස්ථාවකදීම මෙම ගැටළුව විසදීම සඳහා ශ්‍රී ලංකා රජය සමග ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර කටයුතු අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සඳහන් කළේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කිරිමට පියවර ගෙන ඇති බවයි.

[MP3]s64780[/MP3]

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා උල්ලංගණය කිරීම පිළිබදව නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා. අගෝස්තු මස 04 වන දා තලෙයිමන්නාරම මුහුදු තීරයේ දී මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories