විභාග කඩාකප්පල් කිරීමේ තොරතුරු CID යට දෙන්න. - ජනපති.

Saturday, 10 August 2013 - 12:47

%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+CID+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

විභාග සම්බන්ධයෙන් වන කඩා කප්පල්කාරී ක්‍රියා පිළිබදව සහ ඊට අදාළ ප්‍රචාර සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු රහස් පොලීසියට භාර දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.  ඒ, අදාළ කරුණු සම්බන්ධයෙන් ඔහු පෙරේදා ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව දැනටමත් අදාළ තොරතුරු රැසක් රහස් පොලීසිය වෙත භාර දී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රහස් පොලීසිය හරහා මෙම පරීක්ෂණ සිදුකිරීම වඩා යෝග්‍ය වන බවයි.

පසුගිය කාලය තුළ කෙටි පණිවුඩ, දුරකථන පණිවුඩ සහ විද්‍යුත් තැපෑල හරහා මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිර ගිය බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී ඇති අතර ඒ පිළිබදව ද පරීක්ෂණ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ. අසත්‍ය දුරකථන ඇමතුම් ලබාදුන් පුද්ගලයන් පිළිබදව ඒ අනුව පුළුල් විමර්ශනයක් සිදුකෙරෙනු ඇති.

පසුගිය 7 වන දා පාර්ලිමේන්තුවේ දී ද අමාත්‍යවරයා මෙවැනි අසත්‍ය ප්‍රචාර පිළිබදව කරුණු දැක්වීමක් සිදුකළා.

[MP3]s64809[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories