රිය අනතුරුවලින් මාසයකදී මියයන සංඛ්‍යාව 161 ක්.

Saturday, 10 August 2013 - 19:06

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+161+%E0%B6%9A%E0%B7%8A.



මේ වසරේ ගත වූ මාස 7 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් රථවාහන කොට්ඨාශය පවසනවා. ඒ අනුව මාසයකදී රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ සාමාන්‍යය 161 යි දශම 04 ක්. වසරේ ගතවු කාලසීමාව තුළ රිය අනතුරු 19,367 ක් සිදුව ඇති අතර, ඉන් අනතුරු 1054 ක් මාරක රිය අනතුරු වන බවයි පොලිස් රථවාහන කොට්ඨාශය පෙන්වා දෙන්නේ. මීට අමතරව, බරපතල තුවාල සිදුවූ රිය අනතුරු 3273 ක්, සුළු තුවාල සිදුවූ රිය අනතුරු 6993 ක් සහ දේපල හානි පමණක් සිදුවූ රිය අනතුරු 8047 ක් වාර්තා වී ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාශය ප්‍රකාශ කළේ. මෙම රිය අනතුරු අතර, යතුරුපැදි අනතුරු 390 ක් සහ පදික අනතුරු 309 ක් ද වනවා. මේ අතර, පසුගිය 2012 වසර තුළ සිදුවූ රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 2444 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories