අධිවේගයේදී වේගසීමා කැඩූ 130 කට දඩ.

Sunday, 11 August 2013 - 12:52

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+130+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමා ඉක්මවා පසුගිය සිකුරාදා සිට මේ දක්වා ධාවනය කළ වාහන 130 කට දඩ කොළ නිකුත් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ වේග සීමා ඉක්මවා ධාවනය කළ රථවාහන 97 කට මෙලෙස දඩ කොළ නිකුත් කර ඇති බවයි. ඊට අමතරව පෙරේදා දිනයේදී වාහන 31 කට මෙලෙස දඩ කොළ නිකුත් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා ඉඩ පවතින්නේ පැයට කිලෝමීටර් 100 ක වේගයකින්. අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය බ්‍රහස්පතින්දා මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් මාතර ප්‍රදේශයේ කථිකාචාර්යවරයෙකු සහ ඔහුගේ නැගණිය මියගියා. එම සිද්ධියත් සමඟයි අධිවේගී මාර්ගයේ වේග සීමා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත්තේ. මෙම වසර තුළ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරු 7 ක් වාර්තාවී ඇති අතර ඉන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 9 ක්.
 
මේ අතර, අවසන්වරට අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය මාතර විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දුලීප් චන්දන සමරසිංහ සහ ඔහුගේ නැගනිය වන එම විශ්වවිද්‍යාලයේම ආධුනික කථිකාචාර්යවරියක වන නදීකා ගුණසේකරගේ අවසන් කටයුතු ඊයේ (10) සිදුකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories