පළමු වන කුඹල් පෙරහැර අද.

Sunday, 11 August 2013 - 15:13

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහැර අද (11) වීථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රී 7යි 31ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර ආරම්භවීමට නියමිතව තිබෙනවා. දළදා වීථිය, ඞී.එස්. සේනානායක වීථිය, පන්සල පාර, දේව වීථිය, කොළඹ වීථිය සහ යටිනුවර වීථිය - රජවීථිය ඔස්සේ පෙරහැර ගමන් කරනු ඇති. පෙරහැර පැවැත්වෙන කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද මහනුවර නගරයේ ක්‍රියාත්මක බව මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා. පළමු කුඹල් පෙරහැරට ඇති සූදානම පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක.

 

[MP3]s64878_1[/MP3]

 

මේ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර 5 වන දිනටත් අද වීථි සංචාරය කෙරෙනවා. අද (11) පස්වරු 7.45ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ පිළිබද තොරතුරු ගෙන එන කතරගම හිරු වාර්තාකරු ආර්.කේ. ආරියපාල.

 

[MP3]s64878_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories