කොළඹ - ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (12) උදෑසන 7 ට අවසන් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. ඔහු සඳහන් කළේ පෙරේදා දිනයේ ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම පොලිස් බල ප්‍රදේශයට ඊයේ දිනයේත් පස්වරු 6 සිට අද උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි. මෙහිදී නීතිය හා සාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක.
[MP3]s64899[/MP3]
Follow US
Most Viewed Stories