පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව නිවාස සංකීර්ණයක්.

Monday, 12 August 2013 - 8:14

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පහසුකම් රැසකින් සමන්විත නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා. කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී මේ පිළිබඳව තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව එම නව නිවාස සංකීර්ණය තලපත්පිටිය ප්‍රදේශයේ නව නගර සංවර්ධන සැලැස්ම යටතේ ඉදි කිරීමට යෝජිතයි. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එහි කාර්ය මණ්ඩලයේ සුබසාධනය පිළිබඳව අවධානය යොමුකරනු ලබනවා. මෙහිදී වැඩිදුරටත් අවධානයට ලක්ව ඇත්තේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කරන නිවාස 120 කින් යුත් මාදිවෙල නිවාස සංකීර්ණයේ පහසුකම් අවම මට්ටමක පවතින බැවින් මෙම නව නිවාස සංකීර්ණය ඉදි කළ යුතු බවයි.

පසුගියදා පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහභාගි වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග ඒ පිළිබඳව මෙලෙස පැහැදිළි කළා.

[MP3]s64900[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories