10% කින් ගාස්තු ඉහළ දැමීමට බස් සංගම් තීරණය කරයි. තැපැල් ගාස්තුත් සංශෝධනය වන ලකුණු.

Monday, 12 August 2013 - 8:17

10%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

බස් ගාස්තු සියයට 10 කින් වැඩි කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. ජාතික ප්‍රතිපත්තිය අනුව මේ වසරට අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවූ බැවින් බස් සංගම් ලෙස තමන්ට ඇති නීත්‍යානුකූල අයිතියට අනුව මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සංගමයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී අද (12) දිනයේ ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.

[MP3]s64901_1[/MP3]

මේ අතර ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ විධායක කමිටුවද අද රැස්වීමට නියමිතයි. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සංගමයද බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

[MP3]s64901_2[/MP3]

බස් සංගම් සිදුකිරීමට බලාපොරොත්තු වන ගාස්තු සංශෝධනය පිළිබඳව තොරතුරු දැනගැනීමට පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී. බී. රත්නායක, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර ගාස්තු සංශෝධනයක් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේද අවධානය යොමුව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ වසර 3කට වරක් තැපැල් ගාස්තු සංශෝධනය විය යුතු වුවද එය මේ වනවිට වසර 6කින් සිදුවී නොමැති බවයි. ඒ අනුව ගාස්තු සංශෝධනය පිළිබඳ වාර්තාව අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවද තැපැල්පතිවරයා කියා සිටියා.
 
[MP3]s64901_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories