ග්‍රෑන්ඞ්පාස් සිද්ධිය සාමදානයි.

Tuesday, 13 August 2013 - 8:31

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.



මතභේදයට තුඩු දුන් කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ මස්තිනු ජින්නු ලිස්නම් දේවස්ථානය අභියස තිබූ බෝගස කපා ඉවත් කිරීමට කොළඹ මහනගර සභාව ඊයේ (12) පියවර ගත්තා. මෙම ප්‍රදේශයේ දී පසුගිය දා දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත් අතර ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් මෙම පැරණි ඉස්ලාමීය දේවස්ථානය අසළ තිබූ බෝගස ඉවත් කර එම ස්ථානයේ ඉඩ ලබාදීමටයි පසුව තීරණය කෙරුණේ. එමෙන්ම දේවස්ථානයට අයත් නව ගොඩනැගිල්ල භාවිත නොකර පැරණි දේවස්ථානයම ආගමික වතාවත් සඳහා භාවිත කිරීමට ද එකඟ වුණා. ඒ අනුව ආගමික වතාවත්වලින් අනතුරුව පිරිත් සඣජායනා කර මෙම බෝධි වෘක්ෂය කපා ඉවත් කළා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ග්‍රෑන්ඞ්පාස් සමාධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝපැලැස්සේ අනුරුද්ධ හිමි.

[MP3]s64965_1[/MP3]

ග්‍රෑන්ඞ්පාස් මස්තිනු ජින්නු ලිස්නම් දේවස්ථානයේ භාණ්ඩාගාරික අබ්දුල් හමීඞ් ඒ පිළිබදව දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s64965_2[/MP3]

ප්‍රදේශයේ ජනතාව ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s64965_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories