ඉන්දියාව, ශ්‍රී ලංකාවෙන් ආයුධ ගත්තේ නැහැ - යුද හමුදාව.

Tuesday, 13 August 2013 - 18:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80.

ඉන්දියාව, ශ්‍රී ලංකාවෙන් අවි මිලදී ගෙන ඇති බවට එරට පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය ඉදිරිපත් කළ වාර්තාව යුද හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ද යුද අවි මිලදීගෙන ඇති බව එරට පාර්ලිමේන්තුවේදී ඉන්දීය ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනී ඊයේ (12) හෙළිදරව් කළ බව පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. එහි සඳහන් පරිදි ලෝක් සභාවේදී ඔහු වෙත යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා එම කරුණු අනාවරණය කර ඇත්තේ. ඒ අනුව පසුගිය තුන් වසර තුළ ඉන්දියාව රුපියල් බිලියන 23,500 ක අවි මිලදී ගෙන තිබෙනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් එනම්, රුපියල් බිලියන දහසක අවි මිලදීගෙන ඇත්තේ රුසියාවෙන්. ඉන්දියාව අවි මිලදීගත් රටවලට ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, පෝලන්තය, ස්ලොවැකියාව, ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව ද අයත් වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනී ප්‍රකාශ කර ඇති බවයි පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවයි. කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ යුද අවි ඉන්දියාවට අලෙවි කර නොමැති බව හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories