එ.ජා.ප. යේ තවත් මන්ත්‍රීවරු 04 ක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා.

Tuesday, 13 August 2013 - 19:04

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F.

හැකියාව තිබියදීත් වත්මන් රජය ජනතාවට සහන ලබා නොදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. දොම්පේ ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ තරුණ තරුණියන් අතර විරැකියාව ඉහළ ගොස් ඇති බවයි.  

[MP3]s65004_1[/MP3]                  

මේ අතර ගම්පොළ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් නොවන බවයි. ඉදිරියේදී පක්ෂය දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

[MP3]s65004_2[/MP3]                       

එක්සත් ජාතික පක්ෂය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. එහිදී අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, වයඹ මහ ඇමති තනතුර සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතිවී තිබෙන අර්බුදය මෙලෙස පැහැදිළි කළා.

[MP3]s65004_3[/MP3]                      

කෙසේ වෙතත් අම්පාර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජාතික පක්ෂයෙන් රජයට එකතුවීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන්ගේ ලක්ෂණයක් පැහැදිළි කළා. ඔහු එහිදී කියා සිටියේ එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් හතරදෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

[MP3]s65004_4[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories