මිනිස් ජාවාරමට සම්බන්ධ 14 දෙනෙකු අත්අඩංගුවට.

Wednesday, 14 August 2013 - 7:24

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පුද්ගලයන්  ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දින කිහිපයක් පුරා කළ මෙහෙයුමකින් අනතුරුවයි. මාතර කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් ඊට අදාළ පරීක්ෂණ මෙහෙය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ අනුව ත්‍රිකුණාමලය, කලවංචිකුඩි, කන්තලේ සහ මඩකලපුව ප්‍රදේශවලදී සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 09 වැනිදා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, පෙරේදා (12) දිනයේදී අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අතර නාවික හමුදා භටයින් 04 දෙනෙකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙම සැකකරුවන් ඊයේ (13) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා.

 
අගෝස්තු 08 වැනිදා නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටි පුද්ගලයන් 39 දෙනෙකු මාතර පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුවයි පුද්ගල ජාවාරම්වලට සම්බන්ධ මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories