පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අප්‍රිකානු රටවල් රැසක සහය.

Wednesday, 14 August 2013 - 7:26

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

අප්‍රිකානු ධූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහය පළකර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයත් සමග සාමයේ මාවතට අවතීර්ණ වී ඇති නිසා ඊට අනිවාර්යයෙන්ම සහභාගි වන බවයි ශ්‍රී ලංකාවේ බොට්ස්වානා රාජ්‍යයේ මහ කොමසාරිස්වරිය වන ලෙසෙගෝ එතෙල් මොත්සුමී ප්‍රකාශ කරන්නේ. එසේම, පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සාමාජිකයෙකු ලෙස කොළඹ සමුළුවට සහභාගි වීම සඳහා බලවත් රුචිකත්වයකින් පසුවන බව ශ්‍රී ලංකාවේ රුවන්ඩා තානාපති අර්නස්ට් වමුසියෝ සඳහන් කළා. අප්‍රිකානු බෙනින් රාජ්‍යයේ තානාපති අන්රේ සන්රා කියා සිටියේ ශ්‍රී ලංකා රජයට තවදුරටත් සාර්ථකත්වය කරා ගමන් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉවහල් වන බවයි.

 

2015 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ මුරුසියේදියි. එරට නව මහ කොමසාරිස්වරයා වන ආචාර්ය ආර්යේ කුමාර් ජගිසූර් ප්‍රකාශ කළේ තම රට ශ්‍රී ලංකාව සමග නිබඳව බැඳී සිටින බවයි. අප්‍රිකානු රටවල නව කොමසාරිස්වරු පස්දෙනෙකු සහ තානාපතිවරයෙකු පෙරේදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්නා. අනතුරුව පැවති සාකච්ඡාවලදියි මෙම කරුණු ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

 
මේ අතර, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මේ මස 18 වන දා ඉන්දියාව බලා පිටත්ව යනවා. ඒ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ආරාධනා කිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories