අධිපෝෂණීය ආහාරගත් ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනා.

Wednesday, 14 August 2013 - 13:11

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

සප්ලිමන්ට් යනුවෙන් ක්‍රීඩකයන් අතර ජනප්‍රිය අධිපෝෂක අතිරේක ආහාර භාවිත කළ ක්‍රීඩකයන් තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව ඇති බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළා. ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රජයේ පාසල්වල රගර් ක්‍රීඩකයන්ද විශාල මුදලක් වැය කර අධිපෝෂක අතිරේක ආහාර ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි.

[MP3]s65042_1[/MP3]

අධිපෝෂක අතිරේක ආහාර ලෙස බොහෝ ක්‍රීඩකයන් භාවිත කරන්නේ කිරිපිටි වර්ගයි. කිරිපිටි වර්ග කිහිපයක් වෙළඳපොලෙන් ඉවත් කිරීමත් සමග ඒ පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුණා. ඊට හේතු වුණේ වෙළඳපොලේ පවතින ඇතැම් වේ ප්‍රෝටීන අඩංගු ශක්තිජනක පාන සහ කිරිපිටි වර්ගවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටලීනම් නැමැති බැක්ටීරියාව අඩංගු බවට සැක මතුවීමයි. ඊට අදාළ පරීක්ෂණ අවසන් වනතුරුයි නැවත දැනුම්දෙනතුරු ඒවා අලෙවි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කළේ. ජනතාව පානය කරන කිරිපිටි වර්ග කිහිපයක තොග වෙළඳපොලින් ඉවත් කෙරුණේ ඒවායේ ඞී.සී.ඞී. හෙවත් ඩයසයිනමයිඞ් අඩංගු බව තහවුරුවීමත් සමගයි.

කෙසේ වෙතත්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඊට එක්ව සිටි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මව්කිරි සහ දේශීය ආහාර මෙන්ම අඛණ්ඩ පුහුණුව ක්‍රීඩකයන්ගේ ශක්තිය වර්ධනය කිරීමට ප්‍රමාණවත් බවයි. එම නිසා හැකිතාක් දරුවන්ට මව්කිරි ලබාදීම ඔවුන්ගේ අනාගතය සඳහා වැදගත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක්වු වෛද්‍ය අනෝමා ජයතිලක ප්‍රකාශ කළා.

[MP3]s65042_2[/MP3]                                    

මෙම මාධ්‍ය හමුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වු එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය.

[MP3]s65042_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories