නූරිවත්තේ සිද්ධියට තවත් 5ක් පොලිස් දැලේ.

Wednesday, 14 August 2013 - 18:50

%E0%B6%B1%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.

දැරණියගල - නූරිවත්ත ප්‍රදේශයේ සිදුවූ ඝාතන ඇතුළු සිද්්ධීන්වලට අදාළව තවත් සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වෙත පැමිණිලි රැසක් ලැබී තිබූ බවයි. සොරකම් කිරීම්, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම් ආදී චෝදනා මොවුන්ට එරෙහිව ඉදිරිපත්වී තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත් සැකකරුවන් අතරට කාන්තාවක්ද අයත්. සීතා කල්්‍යාණි නැමති ඇය දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා. මීට අමතරව අත්අඩංගුවට ගත් අය අතර අත කොටා නැමැත්තාගේ සහෝදරියකගේ පුතුන්  දෙදෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළා.  

පසුගිය ජූලි මස 05 දින දැරණියගල - නූරිවත්ත වතු අධිකාරී නිහාල් පෙරේරාගේ ඝාතනයෙන් අනතුරුවයි  ප්‍රදේශයේ සිදුවූ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ. වතු අධිකාරීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැරණියගල හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories