විපක්ෂයේ විරෝධයේ උද්ඝෝෂණය සීමාව පනී.

Wednesday, 14 August 2013 - 19:02

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේ ඇතිවු සිද්ධියට විරෝධය පළ කරමින් කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මෙම විරෝධතාවය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ විරෝධයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ද පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අනතුරුව ප්‍රධාන මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවයේ නිරත වුණා. මේ, එම විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ.

[MP3]s65072_1[/MP3]                                                           

මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර, මේ එහිදී අදහස් දැක්වු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්.

[MP3]s65072_2[/MP3]                                                      

කොටුව දුම්රියපොල ඉදිරිපිට අද පැවති මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ - කොටුවට පැමිණෙන මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද ඇතිවුණා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ මේ හේතුවෙන් මරදාන - ටෙක්නිකල් මංසන්ධියෙන් කොටුවට පිවිසෙන මංතීරුව වසා දැමීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත්, අවසානයේ විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සාහ කළා.

එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ඉල්ලීම් සහිත සංදේශයක් භාරදීම සඳහා ජනාධිපති මන්දිරය වෙත යාමට අපේක්ෂා කළ බවයි. කෙසේ වෙතත්, ලෝටස් වටරවුම ප්‍රදේශයේ සිටි පොලිස් නිලධාරීන් ඊට බාධා එල්ල කළා. ඉන් පසුව විපක්ෂයේ විරෝධයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් එම සන්දේශය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

කෙසේ වෙතත් වැලිවේරිය සිද්ධියට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය සංවිධාන කර තිබූ විරෝධතාවය අතරතුර පෙළපාලී යාම තහනම් කරමින් අධිකරණය අද නියෝගයක්ද ලබාදුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මෙම නියෝගය ලබාදී ඇත්තේ කොටුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි. මේ අනුව මහජනතාවට පීඩාවන අයුරින් සහ මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් කටයුතු කිරීමද තහනම් කෙරුණා. එම නියෝගය පොලීසිය විසින් තිස්ස අත්තනායක, මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න ඇතුලූ විපක්ෂයේ විරෝධයේ පක්ෂ නායකයින් 9 දෙනෙකුට අද දහවල් භාරදී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories