නීති කඩ කළ විපක්ෂයේ විරෝධය ගැන උසාවියට පැමිණිලි.

Thursday, 15 August 2013 - 7:46

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධයට ලබාදුන් අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට අදාළ කරුණු මේ වනවිටත් සකස් කර ඇති බවයි. එම කරුණු අදාළ පොලිස් ස්ථාන විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැලිවේරිය සිද්ධියට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය ඊයේ කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයක නියැලූණා. එම විරෝධතාවය අතරතුර පෙළපාලී යාම තහනම් කරමින් අධිකරණය ඊයේ (14) නියෝගයක් ලබාදුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මෙම නියෝගය ලබාදී ඇත්තේ කොටුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි. මේ අනුව මහජනතාවට පීඩාවන අයුරින් සහ මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් කටයුතු කිරීමද තහනම් කෙරුණා. එම නියෝගය පොලීසිය විසින් තිස්ස අත්තනායක, මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න ඇතුලූ විපක්ෂයේ විරෝධයේ පක්ෂ නායකයින් 9දෙනෙකුට භාරදී තිබුණා. නමුත් විරෝධයට එක්වූ විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයේ නියැලීමෙන් අනතුරුව කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම ඔස්සේ ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සාහ කළා. කෙසේ වෙතත් ඊට පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ලවුණා. ඉන් පසුව විපක්ෂයේ විරෝධයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට අවස්ථාව ලබාදුන්නා. එහිදී ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබුවා. මේ සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක.


[MP3]s65092[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories