මහනුවර මහ රෝහලේ, බාහිර ප්‍රතිකාර, සායන සහ සැත්කම් නවතියි.

Thursday, 15 August 2013 - 12:43

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%2C+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

මහනුවර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු, සායන සහ සැලසුම් කළ ශල්‍යකර්ම නතර කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිණි පෙරේරා කියා සිටියේ හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. නිල කාමරයක හිමිකාරත්වය සම්බන්ධයෙන් දැනට මාසයක පමණ සිට පවතින ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් මෙලෙස බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු, සායනික කටයුතු සහ සැලසුම් කළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් ඉවත්ව තිබෙනවා. අදාළ නිල කාමරය තමන්ට අයිති බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළද, එහි හිමිකාරත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බව හෙද නිලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වුණා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා.

[MP3]s65115_1[/MP3]                    

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි. එමෙන්ම, සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී මහනුවර රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර පවතින ගැටළුකාරී තත්ත්වය සමථයකට පත්කළ යුතු බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියා.

[MP3]s65115_2[/MP3]
 
කෙසේ වෙතත්, මහනුවර රෝහලේ උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද(15) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories