නොරොච්චෝලේ නඩත්තුවට වැසුවොත් දිනකට මි.80 ක පාඩුවක්.

Thursday, 15 August 2013 - 12:48

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92.80+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දැනටමත් අක්‍රිය වී තිබෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා වසා දැමුවහොත් දිනකට මිලියන 80 ක අලාභයක් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවනු ඇතැයි විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කළා. මේ මස අවසානයේදී වාර්ෂික නඩත්තු කටයුතු සඳහා මෙම බලාගාරයේ කටයුතු අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය සූදානම් වන්නේ එය ඉදිකර වසර දෙකකට පසුවයි. මේ අනුව දින 40 ක් පමණ එය වසා තැබෙන අතර, ජාතික විදුලිබල පද්ධතියට එමඟින් අහිමිවන විදුලි ධාරිතාව පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගැනීමට සිදුවනු ඇති. පසුගිය දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැළුණු වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියා. ඒ හේතුවෙන් තාප බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකිවුණා. කෙසේ වෙතත්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදිසියේ වාර්ෂික නඩත්තු කටයුතු සඳහා වසා දැමුවහොත් දැනට විදුලිබල මණ්ඩලය ලබන පාඩුව තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ ප්‍රකාශ කළේ.

[MP3]s65117_1[/MP3]

කෙසේ වෙතත්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා වසා දැමීමට ගෙන ඇති තීරණය හදිසි තීරණයක් බව විදුලි පාරිභෝගික ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන එම ව්‍යාපාරයේ සභාපති බන්දුල චන්ද්‍රසේකර.

[MP3]s65117_2[/MP3]                     

කෙසේ වෙතත්, මෙය කලකට පෙර ගත් තීරණයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියා සිටියා. මේ, එම අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු.

[MP3]s65117_3[/MP3] 

දිගින් දිගටම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රීයවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ සභාපති බන්දුල චන්ද්‍රසේකර ප්‍රකාශ කළා.
 
[MP3]s65117_4[/MP3]          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories