වයස 35 ත් 45 ත් අතර උපාධිධාරීන්ගේත් රාජ්‍ය සේවය ස්ථීර කරයි.

Thursday, 15 August 2013 - 19:12

%E0%B7%80%E0%B6%BA%E0%B7%83+35+%E0%B6%AD%E0%B7%8A+45+%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

රාජ්‍ය සේවයට බඳවාගත් වයස 35 ත් 45 ත් අතර උපාධිධාරීන් ස්ථිර කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මීට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවයි ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ. මේ අනුව ස්ථීර පත්වීම් නොලැබුණු එම වයස් කාණ්ඩයේ පසුවන උපාධිධාරී අභ්‍යාසලාභීන් 3797 දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි නිකුත් කිරීම ඉදිරියේදී සිදුකරනු ඇති. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

[MP3]s65143_1[/MP3]                              

මේ අතර බන්ධනාගාර තුළ රජයේ පාසලක් ඉදිකිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.
 
[MP3]s65143_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories