නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා චාරිකාව ස්ථිරයි.

Friday, 16 August 2013 - 7:27

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මේ මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ජිනීවා නුවරදී ඊයේ (15) නිල වශයෙන් ප්‍රකාශයට පත්වුණා. ඇය මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව සිදුකළ ආරාධනයකට අනුවයි.

 
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ශ්‍රී ලංකා චාරිකාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරින් ද මුණ ගැසෙනු ඇති. ඇය මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් ජාතික මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශවලින් සැකසුණු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණය කරන කමිටුව සමඟ ද මානව හිමිකම් කොමසාරිස්වරිය සාකච්ඡා කරන බව ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් සමාජ නියෝජිතයන් ද මුණ ගැසෙන ඇය උතුරු නැගෙනහිර සංචාරය කිරීමට ද නියමිතයි. සිය ශ්‍රී ලංකා සංචාරය අවසානයේ එනම්, අගෝස්තු 31 වැනිදා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories