ඉන්දියාවේ සිටින මෙරට සිරකරුවන් ශ්‍රී ලංකාවට.

Friday, 16 August 2013 - 12:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ඉන්දියාවේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉන්දියාවේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජී.බී.කුලතුංග කියා සිටියේ. සාර්ක් කලාපීය රටවල් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බන්ධනාගාරවල සිටින රැඳවියන් හුවමාරු කර ගැනීමේ වැඩසටනක් මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ යටතේ මෙරට බන්ධනාගාරවල සිටි ඉන්දීය සිරකරුවන් 09 දෙනෙකු මෙම සතිය තුළ ඉන්දියාවට භාර දෙනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළදී විවිධ අපරාධවල නිරත වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ රැඳවියන් පිරිසකුයි මෙලෙස ඉන්දියාවට භාර දී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජී.බී.කුලතුංග.

[MP3]s65194[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories