අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයන් 114 ක් අද අධිකරණයට.

Friday, 16 August 2013 - 13:22

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+114+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා,  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයන් 114 දෙනෙකු අද නැවතත්, අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි. ඔවුන් පසුගිය දින 15 තුළ මෙරට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. ඉන්දීය ධීවරයන් පිරිස කාණ්ඩ 3 ක් ලෙස පේදුරු තුඩුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ධීවරයන් මෙලෙස අධිකරණය වෙත යොමුකිරීම පිළිබඳව වැඩි අවධානයෙන් පසු වන්නේ තමිල්නාඩු ධීවරයන්. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පැවති අදහස් හුවමාරුව හේතුවෙන් සිය සගයන්ට නිදහස ලැබෙනු ඇතැයි තමිල්නාඩු ධීවරයන් අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් රාමේෂ්වරමේ ධීවර ප්‍රජාව ඉන්දීය ධීවරයන් මෙරටදී අත්අඩංගුවට පත්වීමට එරෙහි විරෝධතා රැසක් පවත්වනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories