නව බස් ගාස්තු ප්‍රතිපත්තියකට කැබිනට් අනුකාරක සභාවක්.

Friday, 16 August 2013 - 18:41

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


ගුණාත්මක බස් සේවාවක් පදනම් කර ගත් නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ, පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුවයි. මගී ජනතාව සඳහා ගුණාත්මක මගී සේවාවක් සැපයීම වෙනුවෙන් බස් කර්මාන්තයට අදාළ සියලූ පාර්ශව සමඟ සාකච්ඡා කර, කඩිනමින් නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ අරමුණයි. දැනට පවතින ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය සමාලෝචනය කර එහි අඩංගු කරුණු ද නව ප්‍රතිපත්තිය සැකසීමේදී උපයෝගී කර ගැනීමට නියමිත බවයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.   

[MP3]s65214_1[/MP3]                                                                     

බස් ගාස්තු තීරණය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය දිනවල පුළුල් සංවාදයක් ඇති වුණා. ඒ, ලංකා පෞද්ගලික හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ගාස්තු සංශෝධනය කිරීමේ අයිතිය පිළිබඳව ගැටළුවක් පවතින බව සඳහන් කිරීමත් සමගයි. ඔහු සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති තුළින් ඔබ වෙත ගෙන එන ආර්ටිකල් 14 විශේෂාංගයේ දී උණුසුම් සංවාදයක නිරත වුණේ මෙලෙසින්.

 
[MP3]s65214_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories