කයිරෝව ගිනි ගනී.

Saturday, 17 August 2013 - 8:04

%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



හමුදාව විසින් බලයෙන් පලවා හරින ලද හිටපු ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් තවදුරටත් රට පුරා විරෝධතා පවත්වන අතර, එහිදී ආරක්ෂක අංශ සමඟ ඊයේ (16) ඇති වූ ගැටුම්වලින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. කයිරෝ අගනුවර මෙන්ම නයිල් ඩෙල්ටාවේ පිහිටි නගරවලයි මෙලෙස විරෝධතා උද්ඝෝෂණ ක්‍රියාත්මක වූයේ. පසුගිය බදාදා කයිරෝවේ විපක්ෂ ආධාරකරුවන්ගේ කඳවුරුවලට හමුදාව කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 638 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම පියවර ලොව පුරා විරෝධයට ලක්වූ අතර, ඊජිප්තු අන්තර්වාර රජය සඳහන් කළේ නීත්‍යානුකූල රාමුව තුළ එලෙස ජීව උණ්ඩ යොදා ගැනීමට අවසර ලබාදුන් බවයි. රට පුරා හදිසි නීතිය සහ ඇදිරි නීතිය පැනවීමට රජය පියවර ගත්තේ ඉන් අනතුරුවයි.


මේ අතර කයිරෝ නුවර රම්සෙස් චතුරස‍්‍රයේ පිහිටි ඉස්ලාමීය දේවස්ථානයට ඊයේ (16) රොක් වූ ඉස්ලාමීය සහෝදරත්වයේ ආධාරකරුවන් විරෝධතාවන්හි නිරත වුණා. එහිදී නැවත් හමුදාවෙන් දැඩි ප්‍රතිචාර එල්ල වූ අතර, ජීවිත හානි රැසක්ම වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත්, හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් කිරීමට කේන්ද්‍ර වූ කයිරෝවේ තරීර් චතුරස‍්‍රයට විරෝධතාකරුවන්ගේ පැමිණීම හමුදාව විසින් වළක්වනු ලැබුවා. විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි සහ වාහනවලට ගිනි තැබූ අතර, පොලිස් ස්ථානයකට ඇවිලූ ගින්න යාබද රතු අඩසඳ ගොඩනැගිල්ලට ද පැතිරුණා. එම ගොඩනැගිල්ල තවමත් ගිනි ගනිමින් පවතින අතර, රතු අඩසඳ ලේ බැංකුවට ද ඉන් හානි සිදුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories