ඇමරිකාව, Area 51 පිළිගනී.

Saturday, 17 August 2013 - 12:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+Area+51+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



 

ඇමරිකා එක්සත් ජනපද සී.අයි.ඒ. රහස් ඔත්තු සේවාව තමන් විසින් පවත්වාගෙන ගිය   ඒරියා - 51 නැමැති රහසිගත ප්‍රදේශය ප්‍රථම වරට නිළ වශයෙන් පිළිගෙන තිබෙනවා. නිරවි යුද සමයේ රුසියානු රහස් සෙවීමට යූ - ටූ නැමැති ඔත්තු බැලීමේ යානය නිර්මාණය කර ඇත්තේ ද නෙවාඩා කතරේ පිහිටි මෙම රහසිගත පර්යේෂණ බිමේදියි. අභ්‍යාවකාශයෙන් පැමිණි බව කියන අද්භූත යානා සහ ඇතැම් විට පිටසක්වළ ජීවින් ද මෙහි රඳවා සිටින බවට ද ඇතැමුන් විශ්වාස කළා. සී.අයි.ඒ. ඔත්තු සේවාවේ මෙම රහසිගත පරීක්ෂණ බිම තමන් විසින් පවත්වාගෙන ගිය බව පිළිගත්ත ද එහි ක්‍රියාකාරීත්වය ලොවට තවමත් රහසක්ව පවතින බව බ්‍රිතාන්‍ය ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ක්‍රිස් පොකොප් පවසනවා. රහස් ඔත්තු යානයක් පරීක්ෂා කිරීම සඳහා 1955 වසරේ දී ඒරියා 51 ලෙස පසුව හැදින්වූ නෙවාඩා ප්‍රදේශය ඇමරිකානු ඔත්තු සේවා විසින් පවරා ගත් ලිපිය හෙළිදරව් කර ඇත්තේ ඇමරිකානු විශ්වවිද්‍යාලයක් මගින්. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories