ඡන්ද පැමිණිලි 110 දක්වා ඉහළට.

Sunday, 18 August 2013 - 7:50

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+110+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 110 ක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත ලැබී තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනයේදී පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 10 ක් ලැබුණු බවයි. මැතිවරණයට අදාළව නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන්ම වාර්තා වන්නේ වයඹ පළාතෙන් බවද ඔහු සඳහන් කළා. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories