ජනපති අද නුවරඑළියේ.

Sunday, 18 August 2013 - 8:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘතකිරීම අද සහ හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අපි වෙනුවෙන් අපි අරමුදල යටතේ රිකිල්ලගස්කඩ ඉදිකළ නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයා අතින් විවෘත වන බවයි. නුවරඑළිය මහ නගර සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයද හෙට විවෘත කෙරෙනවා. නුවරඑළියට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ නුවරඑළිය - ශාන්තිපුර - චේතියගිරි විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවුණා. එහි ඉදි කරමින් පවතින බෞද්ධ මන්දිරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. විහාරස්ථානයේ සිට නැවත පැමිණෙන අතරතුර ප්‍රදේශවාසී ජනතාව හමුවූ මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග සුහද පිළිසඳරකද නිරතවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories