කොළඹ මහනගර සභාවෙන් පරීක්ෂණයක්.

Sunday, 18 August 2013 - 18:50

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කොළඹ මහ නගර සභාවට අයත් ලිපිගොනු තොගයක් පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. හෙට (19) දිනය වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.

ඊයේ (17) පස්වරුවේ මෙලෙස කොළඹ නගර සභාවට අයත් ලිපි ගොනු තොගයක් පුළුස්සා දමමින් සිටින බවට නගරාධිපතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා. ඒ අනුව වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ බවයි නගරාධිපතිවරයා සදහන් කළේ.

[MP3]s65349_1[/MP3]

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා.
 
[MP3]s65349_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories