ගුවන් සෙබලාගේ වෙඩි පහරින් සෙබලෙකු සහ සෙබලියක මරුට.

Sunday, 18 August 2013 - 18:55

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ගුවන් හමුදාවට අයත්, කින්නියා - මාබල්බීච් නිකේතනය තුළදී ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් තවත් ගුවන් හමුදා සෙබලෙකු සහ සෙබලියක අද (18) ජීවිතක්ෂයට පත්වුණා. වෙඩි තැබීම සිදුකළ ගුවන් හමුදා කෝප්‍රල්වරයා ද තමන් වෙඩි තබා ගැනීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීම සිදුකළ ලෙසී මදුර නිශාන්ත කුමාර නැමැති ගුවන් හමුදා කොප්‍රල්වරයා කරන්දෙනිය - කිරිවැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මොරවැව ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටි අතරතුර චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨය වෙත පැමිණ ඇත්තේ පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහායි. අද (18) පස්වරු 1.00 ට පමණ මොහු මාබල් බීච් ගුවන් හමුදා නිකේතනය වෙත ගොස් එහි රාජකාරියේ යෙදී සිටි ගුවන් භටයෙකුගේ ගිනි අවිය පැහැර ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි  චීන වරාය පොලිසිය ප්‍රකාශ කළේ.
 
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ චමෝදි මධුෂිකා ප්‍රේමතිලක සහ ශානක නාමල් බණ්ඩාර නමැති 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසු වූ ගුවන් හමුදා සෙබලියක් සහ සෙබලෙක්. නාවලපිටිය - රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි චමෝදි මධුෂිකා ප්‍රේමතිලක නමැති එම ගුවන් සෙබළිය මාබල්බීච් ගුවන් හමුදා නිකේතනයේ පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවය කර තිබෙනවා. වෙඩි වැදීමෙන් මියගිය ශානක නාමල් බණ්ඩාර නමැති ගෙලිඔය - පල්ලේඅළුදෙණිය ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සෙබළා ද එම නිකේතනයේම සේවය කරමින් සිට ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එයාර් කොමදෝරු ඇන්ඩි විජේසූරිය ප්‍රකාශ කළේ. වෙඩි තැබීම ප්‍රේම සබඳතාවක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories