පළාත් සභා මැතිවරණය ගැන පක්ෂ, විපක්ෂ කතා.

Sunday, 18 August 2013 - 19:49

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.

පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පැමිණිලි 72ක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය අයථා ලෙස පරිහරණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 35ක්. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ද මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 14ක් ලැබී තිබෙනවා. උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8ක්. මේ අතර, රාජ්‍ය කාර්යාල හා ගොඩනැගිලි මැතිවරණය සඳහා භාවිත කිරීමේ සිද්ධීන් 5ක්, රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධීන් 18ක් ද පිළිබදව පැමිණිලි මේ වන විට ලැබී ඇති බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ද අද (18) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වූ  එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා සඳහන් කළේ වයඹ පළාත් සභා මැතිවරණයේ තම පක්ෂයට මනාප සටනක් නොමැති බවයි.

[MP3]s65355_1[/MP3]

කෙසේ වෙතත්, මාතලේ ප්‍රදේශයේ අද (18) පැවැති ජන හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක සදහන් කළේ මෙවන් අදහසක්.

[MP3]s65355_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories