කොළඹ මහ නගර සභාවේ ලිපිගොනු පිළිස්සූ නිලධාරීන්ට වැඩ වරදී.

Monday, 19 August 2013 - 18:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කොළඹ මහනගර සභාවේ ලිපිගොනු රැසක් බොරැල්ල කනත්තේ දී ගිනි තබා විනාශ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාව මගින් ද පරීක්ෂණයක් පවත්වන බව පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග ප්‍රකාශ කළා. මෙම ලිපිගොනු විනාශ කර ඇත්තේ මහ නගර සභාවේ ලේකම්වරිය ඇතුළු ඇගේ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු විසින් බවයි නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා සඳහන් කළේ. විනාශ කළ යුතු ලිපිගොනු 126ක ලැයිස්තුවක් නාගරික ලේකම්වරිය විසින් නාගරික කොමසාරිස්වරිය වන භද්‍රා ජයවර්ධන වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙනවා. එහෙත් විනාශ වූ ලිපි ගොනු අතර නගර සභාවේ සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ ලේඛන ද තිබී ඇති බව නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා. පරීක්ෂණ නිම වන තුරු  සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස නගරාධිපතිවරයා අද (19) බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කළ බවයි නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

[MP3]s65409_1[/MP3]
 

 

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග  කියා සිටියේ නගර සභාවේ ලිපිගොනු විනාශ කිරීමට පෙර සභාවේ අනුමැතියක් ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි. එහෙත්, බස්නාහිර පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශය සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබදව පරීක්ෂණ සිදුකරන බව ඇය තවදුරටත් කියා සිටියා.

 
[MP3]s65409_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories