නවිපිල්ලේ වාර්තාවේ අඩුපාඩු පෙන්වීමට රජය සූදානම්.

Monday, 19 August 2013 - 18:45

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මේ මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මේ මස 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටින නවිපිල්ලේ එහිදී රජයේ නියෝජිතයන් මෙන්ම දේශපාලන පක්ෂවල සාමාජිකයන් ද හමුවනු ඇති. මේ මස 29 වැනිදා ඇය මානව හිමිකම් පිළිබඳ නියෝජිත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ ද හමුවනවා. ඊට අමතරව, මෙම සංචාරයේදී මහකොමසාරිස්වරිය උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ද සංචාරයේ නිරත වනු ඇති. ලක් රජයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන මහකොමසාරිස්වරිය එහිදී මෙරට මානව හිිමිකම් තත්ත්වය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට නියමිතයි. ඉන් අනතුරුව, සැප්තැම්බර් මස 9 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන මීළඟ මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය වාර්තාවක් ඉදිරිපත් කරනවා.

 

නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (19) සංවිධාන කර තිබූ මාධ්‍ය හමු 3 කදී සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහනුවර - යටිනුවර ප්‍රදේශයේ ඊයේ (18) පැවති ජනහමුවකදී අදහස් පළ කළා.

 

ජගත් සංවිධාන මානව හිමිකම් මහකොමසාරිස් නවිපිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ තක්සේරුවක් කරනු ඇති බවට රජය විශ්වාස කරන්නේ යැයි අමාත්‍ය මහින්ද සමරසිංහ යටිනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවේදී ප්‍රකාශ කළා.

 

[MP3]s65410_1[/MP3]                                                               



මහකොමසාරිස්වරිය මීළඟ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාවේ අඩුපාඩු ඇත්නම් ඒවා, පෙන්වාදීමට ද සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

[MP3]s65410_2[/MP3]                                                                  

 

එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී නවනීදන් පිල්ලේ හමුවන්නේ දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. ඊට පිලිතුරු දුන් මෙම මාධ්‍ය හමුවට එක්වූ පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

 

[MP3]s65410_3[/MP3]                                                          

 

ජනතා විමුක්ති පෙරමුණ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ නවනීදන් පිල්ලේ හමුවීමට අපේක්ෂා කරන්නේ ද යන්නයි. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s65410_4[/MP3]                                                                

 

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැත් වූ මාධ්‍ය හමුවේදී, නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව පැහැදිලි කරන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම.  

 
[MP3]s65410_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories