ඩී.සී.ඩී. නොමැති කිරිපිටි තොගයක් මුදා හැරීමට අවසර.

Tuesday, 20 August 2013 - 13:02

%E0%B6%A9%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

පරීක්ෂාවට ලක් කළ ආනයනික කිරිපිටි සාම්පල් 7ක ඩයිසයිනමයිඞ් හෙවත් ඩී.සී.ඩී. රසායනික අඩංගු නොවන බවට කාර්මික තාක්ෂණ ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (19) පෙරවරුවේ රැස්වූ ආහාර උපදේශන කමිටුවට අදාළ කිරිපිටි සාම්පල් පිළිබද පරීක්ෂණ වාර්තාව කාර්මික තාක්ෂණ ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ බවයි. ඒ අනුව අදාළ සාම්පල් 7ට අයත් වරායේ තිබෙන ආනයනික කිරිපිටි තොග වෙළදපොළට නිදහස් කිරීමට අවසර ලබාදී ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. මෙම තීරණයත් සමඟ වෙළඳපොළේ දැනට පවතින ළදරු කිරිපිටි හිඟයට ද පිළියම් ලැබෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories