පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමේ මෙහෙයුම අනිද්දා සිට.

Tuesday, 20 August 2013 - 18:30

%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.


නීතිවිරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීමේ මෙහෙයුම් මේ මස 22 වැනිදා අරඹන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ සතියක් පුරා අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පොලීසිය සහ මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව එම කටයුතු සිදු කෙරෙනවා. නීතිවිරෝධී අයුරින් ස්ථාපිත කර ඇති පක්ෂ කාර්යාලද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ. ඒවා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් අදාළ කාර්යාලද ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සූදානම්. අද (20) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දය පැවැත්වෙන වයඹ පළාතේ සංචාරයකද නිරතවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories