මරදානේ විදුහලකින් 5 ශිෂ්‍යත්ව චෝදනාවක්.

Wednesday, 21 August 2013 - 7:38

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත මරදාන සහිරා විද්‍යාලයේ සිසුන් පිරිසකට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විභාගයට පෙනී නොසිටින ලෙස උපදෙස් ලබාදී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විද්‍යාලයේ පැවැත්වූ පරීක්ෂණයකින් අනතුරුව විභාගයට පෙනී සිටීම සඳහා ළමයින් තෝරාගෙන ඇති බවයි. විද්‍යාලයේ කීර්ති නාමයට හානියක් සිදුවන බැවින් එහිදී අඩු ලකුණු ලබාගත් සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටින ලෙස උපදෙස් ලබාදී ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

[MP3]s65481_1[/MP3]

ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටින ලෙස උපදෙස් ලැබුණු සිසුවෙකුගේ මවක් මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

[MP3]s65481_2[/MP3]

මේ පිළිබදව අප මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති රිස්වි මරික්කාර්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ළමයින් 30 දෙනෙකු පමණ අදාළ ප්‍රවීණතා මට්ටමට පැමිණ නොමැති බවයි. එහෙත් මෙය දෙමාපියන්ගේ කැමැත්තෙන් ගත් තීරණයක් බව ද ඔහු අවධාරණය කළා.

[MP3]s65481_3[/MP3]

විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම පාසල අර්ධ රාජ්‍ය පාසලක් බැවින් මෙවැනි තීරණ ගත හැකි බවයි.
 
[MP3]s65481_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories