අල්ලස් චෝදනා ලැබූ වළල්ලාවිට සභාපතිට සන්ධානයෙන්ම විරෝධය.

Wednesday, 21 August 2013 - 12:24

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

අල්ලස් චෝදනා එල්ල වූ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අද (21) සභාවට පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ ඔහු නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු හැර අනෙකුත් මන්ත්‍රීවරුන් සභා ගර්භය වර්ජනය කරමින් පිටව යාමත් සමඟයි. සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සිටින වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද ඇතුළුව මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අද සභා වාරයට පැමිණ සිටියා. ඉන් 6 දෙනෙකු සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පිටව ගිය අතර අනතුරුව, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනා ද ඉන් ඉවත් වුණා. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපති නාලක සමරවික්‍රම.

 
[MP3]s65503_1[/MP3]

 

ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අරුණ ගුණසිංහ ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

[MP3]s65503_2[/MP3]

 

 
පස් ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීම සඳහා බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපතිවරයා පසුගියදා අත්අඩංගුවට ගැණුනේ. ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පළමුවරට සභාවාරයක් සඳහා පැමිණියේ අදයි. මේ පිළිබඳව කරුණු විමසීමට වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories