රටේ ප්‍රතිරූපය කෙළසන්නන් ගැන හමුදාව සීරුවෙන්.

Wednesday, 21 August 2013 - 19:03

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

මෙරට ප්‍රතිරූපය වෙනස් කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සහ සිවිල් සංවිධාන සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් පසුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය පවසනවා. කොළඹදී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ පැමිණීමත් ඉලක්ක කරගෙන රට තුළ විවිධ ප්‍රශ්න ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවයි.  

[MP3]s65531_1[/MP3]                                

ලබන 25 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මෙරටට පැමිණීමට නියමිතයි. මානුෂීය මෙහෙයුම සිදුවූ ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඇය දැනුවත් කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරියගෙන් විමසීමක් කළා.

 
[MP3]s65531_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories