පොලීසිය තුළ ඇමති තොණ්ඩමන්ගේ හැසිරීම ගැන පරීක්ෂණ.

Thursday, 22 August 2013 - 7:19

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් තලවකැලේ පොලීසිය තුළ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. පෙරේදා අළුයම තලවකැලේ පොලීසියට පැමිණි ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්ට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කිරීම ප්‍රමාද වූ බව පවසමින් ඒ පිළිබඳ විමසීමක් කර තිබුණා. එහිදී අමාත්‍යවරයා කළහකාරී ලෙස හැසිරුණු බවටයි වාර්තාවුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරියගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. මහගෙදරගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

 
මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන තවදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories