එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ඊයේ සභා ගර්භයට රැගෙනවිත් තිබූ වෙඩි උණ්ඩය ප්ලාස්ටික් පෑන් කොපුවක් බවට හෙළිවූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් කල්තැබීමේ යෝජනාවක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනා. විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සභාවට එම අවස්ථාවේදී වෙඩි උණ්ඩයක්ද පෙන්වමින් අදහස් පළ කළා. එහිදී අමාත්‍ය මහින්ද අමරවීර සහ ඒ.එච්.එම්. අස්වර් යන මන්ත්‍රීවරුන් ඊට විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා.
අනතුරුව මූලාසනයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි. පසුව අදාළ පරීක්ෂණය පිළිබඳව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා ඇත්තේ වෙඩි උණ්ඩයක් නොව ප්ලාස්ටික් පෑන් කොපුවක් බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
[MP3]s65565[/MP3]
Follow US
Most Viewed Stories