ඇමති මිත්‍රපාලගෙන් මහ ඇමති මහීපාලට දැඩි චෝදනා.

Thursday, 22 August 2013 - 12:50

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

දැරණියගල - නූරිවත්ත ප්‍රදේශයේ පසුගිය කාලයේදී ඇතිවූ සිද්ධීන්වලට දේශපාලනඥයින් මෙන්ම උසස් පොලිස් නිලධාරීන්ගේද සහය ලැබුණු බව දැරණියගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය  එච්.ආර්. මිත්‍රපාල පවසනවා. එම ප්‍රදේශයේ සිවිල් පරිපාලනය ගිලිහී ගිය කාලසීමාවක් තිබූ බව තමන් පිළිගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ නොහොත් අත කොටා ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පසුගිය කාලසීමාවේ නූරිවත්ත ප්‍රදේශයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් පොලීසියට පැමිණිලි ඉදිරිපත් වෙමින් පවතිනවා. නූරි වතු යායේ අධිකාරිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනිල් චම්පික නොහොත් අත කොටා ඇතුලූ ආධාරකරුවන් පිරිසක් මේ වනවිටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

 

කෙසේ වෙතත් නූරිවතු අධිකාරිවරයා ඝාතනය කර මාස කිහිපයක් ගතවීමෙන් පසුව ඊයේ එම ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වෙමිනන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනිල් චම්පික නොහොත් අතකොටා තමාගේ ආධාරයෙන් දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවයි.

 

[MP3]s65595_1[/MP3]                              

 

 

මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ වක්‍ර ලෙස සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගෙන් හිටපු සභාපති අනිල් චම්පික නොහොත් අත කොටාට අනුබල ආධාර ලැබුණේද යන්නයි. එහිදී අමාත්‍යවරයා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s65595_2[/MP3]                               

 

නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල නගන මෙම චෝදනා සම්බන්ධයෙන් අප සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගෙන් විමසීමක් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා. එහෙත් නූරිවත්ත සිද්ධීන් වාර්තාවූ මුල් අවධියේ ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා. මේ ඒ සම්බන්ධයෙන් පසුගිය ජූලි මස 18 වැනිදා මහ ඇමතිවරයා දැක්වූ අදහස්.

 
[MP3]s65595_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories