නවසීලන්ත රජයේ ප්‍රකාශයක් ඇමති චම්පික ප්‍රතික්ෂේප කරයි.

Thursday, 22 August 2013 - 19:02

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මේ වසරේ ජුනි මාසයෙන් පසු නවසීලන්තයෙන් මෙරටට ආනයනය කළ කිරිපිටිවල ඞී.සී.ඞී. රසායනිකය නොමැති බවට කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෑතකදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කරුණ අනාවරණය කළා. කෙසේ වෙතත්, කිරිපිටිවල මෙම ඞී.සී.ඞී. නැමැතිි රසායනිකය අන්තර්ගත වී ඇත්දැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කාර්මික තාක්ෂණ ආයතනය විසින් මීට පෙර වෙළඳපොළේ පවතින ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. නැමති රසායනිකය ඇති බවට ප්‍රකාශ කළා. ඒ, මෙරට වෙළඳපොලේ අලෙවි කිරීමට තිබූ පසුගිය වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවල නිෂ්පාදිත ඇතැම් කිරිපිටි වර්ග පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එහෙත් මෑතකදී වරායේ රඳවා තිබූ කිරිපිටි තොගයක සාම්පල 07 ක් පරීක්ෂාවට ලක් කිරීමේදී හෙළි වුණේ ඒවායේ ඞී.සී.ඞී. රසායනිකය අන්තර්ගත වී නොමැති බවයි. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවේදී විෂය භාර අමාත්‍යවරයා ඊට හේතු මෙලෙස පැහැදිලි කළා.

[MP3]s65611_1[/MP3]

ඞී.සී.ඞී. රසායනිකය ශරීරයට අහිතකර නොවන බවට නවසීලන්ත රජය සහ ඇතැම් කිරිපිටි සමාගම් ප්‍රකාශ කළත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී පෙන්වා දුන්නේ.
 
[MP3]s65611_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories