පොදු රද මඩුළු සමුළුවට සහභාගීවීම ගැන ඉන්දියාව දෙගිඩියාවෙන්.

Thursday, 22 August 2013 - 19:05

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තමන් කුමන ආකාරයේ සහභාගීත්වයක් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ඉන්දීය රජය අද (22) ප්‍රකාශ කළා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට රාජ්‍ය සභාව අමතමින්. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙම සමුළුවට සහභාගී වන්නේද, එසේත් නැතිනම් නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී කරවන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේ. එමෙන්ම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ලබාදෙන බවද එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.


මෙරටදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය රජයේ නියෝජිතයින් සහභාගී නොකරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු දේශපාලන පක්ෂ නායකයින් එරට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගෙන්ද පසුගියදා ඉල්ලීම් කළා. එමෙන්ම, මෙම සමුළුවට සහභාගී නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජයේ බලධාරීන්ට බලකරමින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂයේ නියෝජිතයින් සහ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ නියෝජිතයින් පසුගියදා විරෝධතාවලද නිරත වුණා. කෙසේ වෙතත්, පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එරට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හමුවී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා නිල ආරාධනය සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories