කඩුවෙල පුරපතිට චෝදනා.

Thursday, 22 August 2013 - 19:28

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.



කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අක්‍රමිකතා රැසක් සිදුකරන බවට එම මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඔවුන් මේ බව කියා සිටියේ කඩුවෙල ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්, කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගන චෝදනා තමා විසින් ප්‍රතික්ෂේප කරන බවයි ඔහු එහිදී කියා සිටියේ. මේ, කඩුවෙල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනිල් නිහාල්, ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රී හසිත නිරෝෂණ, එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගෝ, එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී චන්ද්‍රසේන පලිහේන සහ නගරාධිපති ජී.එච්.බුද්ධදාස එම මාධ්‍ය හමුවලදී දැක්වු අදහස්.

[MP3]s65616[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories