උතුරේ හමුදා ජනතා සහයටයි. - විදේශ කටයුතු ඇමති.

Friday, 23 August 2013 - 7:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.


 

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේදී සිදුකරන්නේ සිවිල් මෙහෙයුම් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අවධාරණය කළා. වොයිස් ඔෆ් රුසියා නමැති විදේශ ගුවන් විදුලි සේවාවක් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ධීවරයන්ට එරෙහි ක්‍රියාමාර්ග මෙරට ආරක්ෂක හමුදා විසින් ගෙන නොමැති බවයි. තමිල්නාඩුවේ කොටිහිතවාදීන් නගන චෝදනාවක් වන්නේ ශ්‍රී ලංකා හමුදා විශාල බලඇණියක් උතුරේ රැදී සිටීම ඉන්දියාවට තර්ජනයක් බවයි. එමෙන්ම, වොයිස් ඔෆ් රුසියා ගුවන් විදුලිය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ද ඉන්දියානු මාධ්‍යවේදියෙක්.

 
25 වසරක් පැවති මෙරට යුද්ධය 2009 වසරේදී අවසන්වීමෙන් පසු උතුර ආර්ථික සහ සාමාජීය වශයෙන් නැගී සිටිමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම් මෙන්ම, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. උතුරේ මැතිවරණය තුළින් එහි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වන බව අමාත්‍ය ජී.එල්.පීරිස් අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories