ෆොන්ටෙරා, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අත්හිටුවයි.

Friday, 23 August 2013 - 12:43

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BB%E0%B7%8F%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

 
නවසීලන්ත සමූපකාර කිරි නිෂ්පාදන සමාගම ෆොන්ටෙරා, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ ඇතැම් නිෂ්පාදනවල කෘෂි රසායනික හමුවූ බවට මෙරට තාක්ෂණ පර්යේෂණ ආයතනය මගින් ප්‍රකාශ කිරීමත් සමග එම නිෂ්පාදන මෙරට අලෙවිය තාවකාලිකව නතර කෙරුණා. ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මේ තත්ත්වය යටතේ අර්බුදය විසඳා ගන්නාතුරු එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම සුදුසු පියවරක් ලෙස ඔවුන් හඳුන්වා තිබෙනවා. මේ අනුව, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාවේ පිහිටි නිෂ්පාදනාගාරය සහ කාර්යාලය වසා දමා ඇති බවයි එමගින් නිවේදනය කළේ. ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම්වල නිරත 755 ක් වන සේවක පිරිසකගෙන් සුරක්ෂිතතාව සඳහා එම පියවර වැදගත් වන බවත්, ෆොන්ටෙරා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories